පුවත්

වසන්ත යාපා ත් කෝප් කමිටුවට බෑ කියයි

Published

on

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) කමිටුවේ සේවය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාව තේරීම් කාරක සභාව විසින් නම් කළ බව නියෝජ්‍ය කථානායකවරයා විසින් අද (20) පෙරවරුවේදී පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

එම අවස්ථාවේ දී නැගී සිටි වසන්ත යාපා බණ්ඩාර මහතා තමා එම ධුරයෙන් ඉල්ලා අස්වෙන බවත්, තමාගේ ඉල්ලා අස්වීම ලිඛිතව ඉදිරියේ දී ලබාදීමට කටයුතු කරන බවත්ය.

කෝප් කමිටුවේ සාමාජිකත්වය දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් මේ වනවිට ඉල්ලා අස්වී තිබේ.

කෝප් සභාපති ලෙස රෝහිත අබේගුණවර්ධන මහතා ව පසුගියදා පත් කෙරුණු අතර එම පත්කිරීමට එරෙහිව විවිධ පාර්ශ්ව විරෝධය දක්වා තිබුණි.

කෝප් සභාපති ධුරය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතාද අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටි අතර, ඔහු වැඩිදුරටත් පැවසුවේඑම පත්කිරීම මගින් කෝප් කමිටුව හෑල්ලුවට පත්වන බවයි.

සබැඳි පුවත් :

චරිත, ගාමිණී, රාසා, හේෂා හා මරික්කාර් කොප් කමිටුවෙන් ඉවත් වෙයි – Sri Lanka Mirror – Right to Know. Power to Change

ඉරාන් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි – Sri Lanka Mirror – Right to Know. Power to Change

Trending

Exit mobile version