පුවත්

ව්‍යාජ සාක්ෂි චෝදනාවෙන් ශානි නිදහස් කරයි

Published

on

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට එරෙහි ඝාතන නඩුවකට ව්‍යාජ සාක්ෂි නිර්මාණය කළ බවට වූ චෝදනාවෙන් හිටපු ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා ඇතුළු 4 දෙනෙකු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද (25) නිදහස් කළේ ය.

ඒ අදාළ චෝදනා සම්බන්ධයෙන් නඩු පැවරීමට තරම් ප්‍රමාණවත් කරුණු නොමැති බවට නීතිපතිවරයා අධිකරණයට කළ දැනුම් දීම හේතුවෙන් ය.

අද නිදහස් කෙරුණු සෙසු පුද්ගලයින් වන්නේ පොලිස් පරීක්ෂකවරුන් වන සුගත් මෙන්ඩිස , නිශාන්ත සිල්වා හා ආර්. ප්‍රේමතිලක යන මහත්වරුන් ය.

2020 වසරේ අගොස්තු මාසයේ මෙම නඩුව පවරනු ලැබුවේ අදාළ ඝාතන සිද්ධි සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කරන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ය.

Trending

Exit mobile version