පුවත්

වැඩි මිලට යූරියා අලෙවි කළ වෙළඳුන් හොයන්න යයි

Published

on

නියමිත උපරිම සිල්ලර මිලට වඩා යූරියා පොහොර අලෙවි කරන වෙළෙඳුන් සහ බෙදාහරින්නන් පිළිබඳව සක්‍රීයව විමර්ශනය කර සොයා ගන්නා ලෙස අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා උපදෙස් දී තිබේ.

එතුමා මේ බව ප්‍රකාශ කර සිටියේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවක් අතරතුරදීය.

අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් මෙම නියෝගය ක්‍රියාත්මක කිරීම සඳහා දිවයින පුරා වැටලීම් ආරම්භ කර ඇත.

Trending

Exit mobile version