පුවත්

වැඩි මිලට හාල් විකුණන වෙළෙන්දෝ අල්ලන්න මෙහෙයුමක්

Published

on

සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳසැල්වලට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිය නිලධාරීන්ට දැනුම් දී ඇත.

ඒ අනුව කීරි සම්බා  කිලෝවක් රුපියල් 260කට, සම්බා කිලෝවක් රුපියල් 230 කටද, නාඩු කිලෝවක් රුපියල් 220කට සහ රතු කැකුලු කිලෝවක් රුපියල් 210කට යන උපරිම සිල්ලර මිලට සහල් අලෙවි කළ යුතු අතර මෙම මිල ගණන් නොඉක්මවා සහල් අලෙවි කරන ලෙසටද වෙළඳුන් හට දැනුම් දී ඇත.

තවද සහල් සදහා උපරිම සිල්ලර මිලක් නියම කළ ගැසට් පත්‍රය නොසලකා හරිමින් වැඩි මිලට සහල් අලෙවි කිරිම සම්බන්ධව නඩු පැවරීමකදී තනි පුද්ගල ව්‍යාපාරයකට අවමය රුපියල් ලක්ෂයේ සිට උපරිමය රුපියල් ලක්ෂ 5ක් දක්වා දඩ මුදලක්ද, පුද්ගලික සමාගමක් සඳහා අවමය රුපියල් ලක්ෂ 5යේ සිට රුපියල් ලක්ෂ 50 දක්වා දඩ මුදලක් ද අධිකරණයට නියම කළ හැකිය.

එහෙන්ම සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් පිලිබඳ ඒ හා සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කෙටි දුරකථන අංකය වන 1977 වෙත තොරතුරු දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටි.

Trending

Exit mobile version