Connect with us

පුවත්

වැරදි දිසාවට ගිය ආරියවතීගේ රථය පදිකයෙක් බිලිගනියි

Published

on

නැගෙනහිර පළාත් සභාවේ හිටපු සභාපතිනිය වන ආරියවතී ගලප්පත්ති සිය සොඛෝප බෝගී මෝටර් රථයෙන් ප්‍රධාන මාර්ගයේ වැරදි දිසාවෙන් ගමන් කිරීමෙන් මාර්ගය ආසන්නයේ සිටි පුද්ගලයෙකුගේ ගැටී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

ඊයේ (17) පෙරවරුවේ දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත්තේ නැනහිර පළාතේ හිටපු සභාපති ආරියවතී ගලප්පත්ති ත්‍රිකුණාමලයේ සිට කොළඹ ප්‍රදේශයේ අවමගුල් උත්සවයකට සහභාගි වීම සඳහා ගමන් කරමින් සිටියදී බව දඹුල්ල පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ නාවුල පෙනලබොඩ ප්‍රදේශයේ පදිංචි එම් .ජී.එච්.එම් සමන් ප්‍රියන්ත හේරත් නැමති වයස අවුරුදු හතලිහක පුද්ගලයෙකි.

සුඛෝප බෝගී මෝටර් රථය තමන්ගේ ධාවන සිමාවෙන් ඉවත්ව ප්‍රතිවිරුද්ධ දිසාවෙන් ධාවනය කර ඇතැයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව දඹුල්ල පොලිසියේ රථවාහන අංශයේ රථවාහන පොලිසිය කියයි.

අනතුරින් මියගිය පුද්ගලයා පැල්වෙහෙර ප්‍රදේශයේ හෝටලයක සේවය කරන අයෙකු බවත් ඔහු රාත්‍රී වැඩමුරේ අවසන් කොට නැවත නිවස බලා ගමන් කිරීමට මාර්ගයට පැමිණ ඇති බවත් පොලිසිය සඳහන් කරයි. 

අනතුර සිදුවීමත් සමඟ තුවාල ලැබූ පුද්ගලයා දඹුල්ල මූලික රෝහලට රැගෙනවිත් ඇති අතර ඒ ගෙන එන විටත් ඔහු මියගොස් තිබුණු බව පැවසේ.

පසුව පළාත් සභාවේ හිටපු සභාපතිනි ආරියවතී ගලප්පත්ති වෙනත් වාහනයකින් කොළඹ ප්‍රදේශයට පිටත් කර යැවූ බවත් රියදුරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

මෙම අනතුරත් සමග සුපෝගෝ ගී මෝටර් රථයේ ඉදිරිපසට දැඩි හානි සිදුවී ඇත. 

මේ අතර, එම මෝටර් රථය දඹුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙන අවස්ථාවේ යම් පුද්ගලයකු පැමිණ එහි ලියාපදිංචි අංක තහඩු ඉවත් කර තිබේ. 

එහෙත් පොලිස් නිලධාරියකු මැදිහත්ව එම අංක තහඩු රැගෙන යෑම වලක්වා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල ‍පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading

පුවත්

ඩෙංගු – චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්

Published

on

By

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය.

ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය.

ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝවිම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවය.

(අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved