Connect with us

පුවත්

විදෙස්ගත ශ්‍රමිකයන්ට අද සිට ඩියුටිෆ්‍රී වාසි වැඩිවෙයි!

Published

on

විදෙස්ගත ශ්‍රමිකයින්ට ගුවන්තොටුපොළේ දී ලබා දෙන තීරු බදු සහනය ඉහළ නැංවීම අද (01) සිට ක්‍රියාත්මක බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය පවසයි.

ඒ අනුව තමන් එවූ මුදල් ප්‍රමාණය මත අතිරේක තීරු බදු සහන ලබාගැනීමට හැකියාව පවතින අතර විදේශගත ශ්‍රමිකයින් මෙරටට එවා ඇති විදේශ විනිමය වශයෙන් බැංකුවල පවතින මුදල් සඳහා කිසිදු බද්දක් අය කිරීමක් සිදුනොකරන බව එම අමාත්‍යංශය කියා සිටී.

කාණ්ඩ පහක් යටතේ එම සහනය ක්‍රියාත්මක වන අතර අමෙරිකානු ඩොලර් 2,400 ත් 4,799ත් අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට අමෙරිකානු ඩොලර් 600ක අතිරේක තීරු බදු සහනයක් ලබාගැනීමට හැකියාව පවතී.

අමෙරිකානු ඩොලර් 4,800ත් අමෙරිකානු ඩොලර් 7,199ත් අතර මුදල් එවා ඇති ශ්‍රමිකයින්ට අමෙරිකානු ඩොලර් 960ක අතිරේක තීරු බදු සහනයක් ද අමෙරිකානු ඩොලර් 7,200ත් අමෙරිකානු ඩොලර් 11,999ත් අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට අමෙරිකානු ඩොලර් 1,440ක අතිරේක තීරු බදු සහනයක් ද මෙමඟින් හිමිවනු ඇත.

ඊට අමතරව අමෙරිකානු ඩොලර් 12,000ත් අමෙරිකානු ඩොලර් 23,999ත් අතර මුදල් ප්‍රමාණයක් එවා ඇති ශ්‍රමිකයින්ට අමෙරිකානු ඩොලර් 2,400ක අතිරේක තීරු බදු සහනයක් ලබාගැනීමට හැකියාව පවතින බව සඳහන්ය.

අමෙරිකානු ඩොලර් 24,000ක් හෝ ඊට වඩා වැඩි මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට අමෙරිකානු ඩොලර් 4,800ක අතිරේක තීරු බදු සහනයක් ලබාගැනීමට හැකියාව පවතින අතර වසරක කාලයක් තුළදී අදාළ මුදල් මෙරටට එවා ඇති ඕනෑම අයෙක්ට එම සහනය ලබාගැනීමේ අවස්ථාව විවෘතව පවතී.

2022 වසරේ මැයි මස පළමුවැනිදා සිට නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මුදල් එවූ ශ්‍රමිකයින් සඳහා එම සහනය ලබාගැනීමට හැකියාව පවතින බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

පුවත්

කෑගල්ල උණුසුම් වූ බස් අනතුර

Published

on

By

කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ කොට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී තිබේ.

අද (18) පස්වරු 4.00ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර එම අනතුරින් පුද්ගලයින් 26 දෙදෙනකු තුවාල ලබා ඇති බවත් ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් වාර්තා වේ.

නුවර සිට අවිස්සාවේල්ල බලා ධාවන වූ පෞද්ගලික බස් රථයක් අධික වේගය සහ අපරික්ෂාකාරී ලෙස වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමත් සමග මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.

තුවාලකරුවන් කෑගල්ල මහරෝහලයට සහ තොරනගහපිටිය ග්‍රාමීය රෝහලට ඇතුළත් කළ බවයි පිංදෙණිය පොලීසිය ප්‍රකාශ කර සිටී.

අනතුරට පත් එක් බස් රථයක රියදුරෙකු බරපතළ තත්ත්වයේ ප්‍රතිකාර ලබන අතර අනෙක් රෝගියා කාන්තාවක් බවයි වාර්තා වේ.

Continue Reading

පුවත්

“මුලින්ම තියන්නේ ජනාධිපතිවරණය නෙමෙයි”

Published

on

By

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකට එක් වෙමින් උදයංග වීරතුංග මහතා මේ බව සඳහන් කලේය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග එකඟත්වයට පැමිණ අවසන් බවද ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වීමට ඇති කරගෙන ඇති එකඟතාව පිළිබඳව දන්නේ  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ එක් අයකු පමණක් බවද ඔහු මෙහිදී පවසා ඇත.

“ අගමැති අපේක්ෂකයෙක් නම් කරන්න බලාපොරොත්තුවක් නැහැ. ධම්මික පෙරේරා ඉතා ප්‍රබල අපේක්ෂකයෙක් විදියට ඉදිරිපත් වෙනවා. ඒ තීරණය තියෙන්නේ පොහොට්ටුවේ එක ඔලුවක විතරයි. පාර්ලිමේන්තු මැතිවරණයක් එනවා. පාර්ලිමේන්තුවේ බහුතරය ඒකට විරුද්ධයි. අනුර කුමාරත් විරුද්ධයි. ජාතික ජන බලවේගයට රැල්ලක් ඇවිල්ලා තියෙන්නේ සමාජ මාධ්‍යයෙන් පමණයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ශකයා රනිල් වික්‍රමසිංහ නෙමෙයි. ඒක දැන් තීරණය කරල ඉවරයි.”

Continue Reading

පුවත්

ඇල්ල – වැල්ලවාය මාර්ගය යළිත් වැසෙයි

Published

on

By

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (18) රාත්‍රී 8 සිට හෙට (19) උදෑසන 6 දක්වා ගමනාගමනය සඳහා වසා තැබීමට යළිත් තීරණය කර තිබේ.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම තීරණය ගත් බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved