අයහපත් කාලගුණය හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශ වූ සියලු නිවාස ඉදිරි මාස දෙක තුළ රජයේ මුදල් යොදවා ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ.
එම කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙසට ද ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.