පුවත්

“විසඳුමක් ලැබෙන තෙක් ඉන්ධන ඇනවුම් නැහැ, පහුගිය පැය 48 ඇනවුම් කලේ නැහැ”

Published

on

සිය ගැටලුවලට සාධාරණ විසඳුම් ලබාදෙන තුරු ඉන්ධන ඇණවුම් කිරීමෙන් වැළකී සිටින බව බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක මහතා පවසයි.

ගෙවුණු පැය 48 තුළ කිසිදු ඉන්ධන ඇණවුමක් නොකළ බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

රට තුළ ඉන්ධන හිඟයක් ඇති කරන බවට බෙදුම්කරුවන් කිසිදු අවස්ථාවක පවසා නොමැති බවත් බෙදුම්කරුවන් පැවසුවේ ඉන්ධන ඇණවුම් කිරීමෙන් වළකින බව ද ඔහු පැවසුවේය.

එක එක පාර්ශ්වයන් විවිධ කතා සිදුකළ ද බෙදුම්කරුවන් පත්ව ඇති අපහසුතාවය දන්නේ ඔවුන් පමණක්ම බව ද ඔහු පැවසුවේය.

තෙල් බෙදා හරින්නන් සඳහා ලබා දී ඇති සියයට තුනක කොමිස් මුදල ඉවත් කර නව සූත්‍රයක් හඳුන්වාදීමට ඛනිජ තෙල් සංස්ථාව ගත් තීරණය නිසා බෙදුම්කරුවන් පත්වන අපහසුතාවය සම්බන්ධයෙන් ඔවුන්ට අවස්ථා කිහිපයකදී දැනුම් දුන්න ද සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණු තැන මෙම ක්‍රියාමාර්ගය හැර වෙනත් විකල්පයක් ඉතුරු නොවූ බවද ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් මෙම තත්ත්වය සඳහා මැදිහත් වන්නැයි ජනාධිපති ඇතුළු සියලු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් එසේ නොමැති වුවහොත් ඉදිරියට ද ඉන්ධන ඇණවුම් කිරීමෙන් වළකින බව ඔහු තව දුරටත් පැවසුවේය.  
ජනපතිට සංදේශයක්….

මේ අතර, ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ සාමාජිකයන් විසින් අද (03) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සංදේශයක් ලබාදීමට නියමිත බවද වාර්තා වේ.

Trending

Exit mobile version