පුවත්

වී කෙටීමේදී අයකළ සමාජ ආරක්ෂණ බද්ද ඉවතට!

Published

on

වී කෙටිමේදී අයකරනු ලබන සමාජ ආරක්ෂක බද්ද ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ගොවි අස්වනු අලෙවිය ඉහළ නැංවීමේ අරමුණින් එම තීරණය ගත් බවත්, සමාජ ආරක්ෂණ බද්ද මගින් අයකරනු ලැබූ මුදලේ වාසිය ගොවීන්ට හිමිවනු ඇතැයි විශ්වාස කරන බවත්ය.

එම බද්ද ඉවත්කිරීමත් සමග හාල් මෝල් හිමියන් විසින් වැඩි මිලට වී මිලදී ගනු ඇතැයි අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

වී මෝල් හිමියන් වී කෙටීමෙන් උපයන ආදායමෙන් 2.5% ක් සමාජ ආරක්ෂණ බද්ද ලෙස අයකරනු ලැබීය.

Trending

Exit mobile version