Connect with us

පුවත්

ශ්‍රම බලකායෙන් 60%ක් කිසිඳු සමාජ ආරක්ෂණ ක්‍රමවේදයකට ඇතුළත් කර නෑ!

Published

on

 මෙරට විධිමත් සහ අවිධිමත් යන දෙඅංශයම ඇතුලත්ව සමස්ථ ශ්‍රම බලකායේ සමාජ ආරක්ෂණය පිළිබඳ පුළුල් ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් කැබිනට් මණ්ඩලයට යොමු කරන ලද කැබිනට් පත්‍රිකාව පදනම්කරගෙන පත්කරන ලද කමිටුව අද (01) අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්විය. 

මෙම කමිටුව විසින් මාස තුනක කාලායක් තුල පුළුල් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සම්බන්ධයෙන් වන යෝජනාවලිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළයුතුය.

රටේ ශ්‍රම බලකායෙන් සියයට 60ක් පමණ නියෝජනය වන අවිධිමත් අංශයේ ශ්‍රමිකයින් කිසිඳු සමාජ ආරක්ෂණ ක්‍රමවේදයකට ඇතුලත් නොවීම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී කරුණු ඉදිරිපත් කළේය.

රටේ ශ්‍රම බලකායෙන් සියයට 60ක් පමණ වන අවිධිමත් අංශයේ ශ්‍රමිකයින් ඇතුළුව සියලුම ශ්‍රමිකයින් පුළුල් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයකට ඇතුළුත් කිරීම සඳහා වන විධිමත් වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කළයුතු බවද ඒ සඳහා වන ක්‍රමවේදය සකස්කර මාස තුනක් ඇතුලත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළයුතු බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරනු ලැබීය.

විධිමත් අංශයේ සේවය කරනු ලබන පිරිස් මෙන්ම තවත් මිලියන ගණනක පිරිසක් අවිධිමත් අංශයේ සේවය කරනු ලබන බවත් ඔවුන්ගේ ශ්‍රමයට අභිමාණයක් සහ ගරුත්වක් ලබාදීම සඳහා “ගරු සරු” නමින් විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය. පුළුල් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස්කිරීම සම්බන්ධයෙන් වූ උපදේශණ සැසිවාර කඩිනමින් පවත්වා මාස තුනක් ඇතුලත අදාල වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා විසින් මෙහිදී කමිටු සමාජිකයින්ට උපදෙස් ලබාදෙනු ලැබීය. 

මෙම කමිටුව අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට යොමු කරන ලද කැබිනට් පත්‍රිකාව පදනම්කරගෙන ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම කමිටුව පත් කරනු ලැබීය.

 මෙම සැසිවාරයේදී ලර්න් එෂියා ආයතනය විසින් සමාජ ආරක්ෂණ ක්‍රමවේද සම්බන්ධයෙන් කළ සමීක්ෂණයකින් අනාවරණය කරගත් තොරතුරුද ඉදිරිපත් කරනු ලැබීය. ඒ සඳහා මහාචාර්ය රොහාන් සමරජීව මහතා ඇතුළු කණ්ඩායමක් එම ආයතනය නියෝජනය කරමින් එක්ව සිටියහ.

ක්‍රීඩා

ඩිලන්ත, GT4 යුරෝපියානු මෝටර් රථ තරගාවලියේ ඉසව්වකින් 2වැනි තැනට

Published

on

By

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ පැවැති GT4 යුරෝපියානු තරගාවලියේ ඒ.කැන්ටු සමග යුගල ධාවනයක නිරත වූ ඩිලන්ත මාලගමුව එහි දෙවෙනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.

මෙහි දෙවෙනි තරගයට සහභාගි වූ ඩිලන්තගේ මෝටර් රථය අනතුරකට ලක්වීම නිසා විනාඩි 15 කට තරගයෙන් ඉවත්ව සිටීමට සිදුවුණද යළි තරගයට එක්ව තරගය අවසන් කිරීමට ඩිලන්ත හා සහායක රියදුරුට හැකි විය.

මෙම තරගාවලියේ මීළඟ තරගය ජූනි 28 දා ස්පාහිදී පැවැත්වේ.

Continue Reading

පුවත්

බන්ධනාගාර නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

Published

on

By

බන්ධනාගාර නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බන්ධනාගාර නිලධාරීන්ගේ එකමුතුව පවසයි.

ඔවුන් සඳහන් කළේ අද (20) සිට ලබන බදාදා (22) දක්වා එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.

රුපියල් 25,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලමින් බන්ධනාගාර නිලධාරීන් අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බව සඳහන්ය.

Continue Reading

පුවත්

ඩයනා ගැන විමර්ශනයට නීතිපතිගෙන් CIDයට උපදෙස්

Published

on

By

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව එල්ල වී ඇති අපරාධමය කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසත් ඇයට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

බ්‍රිතාන්‍ය පුරවැසියකුව සිටියදී මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීම සම්බන්ධව විභාග වූ නඩුකරවල දී සහ විමර්ශනවල දී අනාවරණය වූ අපරාධමය කරුණු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ආකාරය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා සිටින ලදී.

ඩයනා ගමගේ මහත්මිය සම්බන්ධයෙන් අපරාධමය කරුණු කීපයක් අනාවරණයවී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් නීතිපතිවරයා වෙත දන්වා තිබුණි.

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම, මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීම, ව්‍යාජ ලේඛන මුල් ලේඛන ලෙස ඉදිරිපත් කිරීම ඒ අතර විය.

ඩයනා ගමගේ මහත්මියට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙසත් ලැබෙන සාක්ෂි මත අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ චෝදනා ගොනු කරමින් ඇය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved