පුවත්

ශ්‍රීලනිපයේ නව සභාපති නිමල් සිරිපාල

Published

on

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපති ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (19) පැවැති පක්ෂ විධායක සභා රැස්වීමේදී තේරී පත්වී තිබේ.

මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කටයුතු කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස තේරී පත්වී ඇත්තේ දුමින්ද දිසානායක මහතාය.

මීට පෙර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් අද දින කැඳවා තිබුණ පක්ෂ විධායක සභා රැස්වීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් නොකිරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබුණි.

Trending

Exit mobile version