පුවත්

ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට ලබන මාර්තුවේදී අත්සන් තියයි

Published

on

යෝජිත ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව වන පස්වන සාකච්ඡා වටය 2023 ජුනි 26 – 28 දක්වා කොළඹ දී පැවැත්වුණු අතර, රේගු සහයෝගිතාව හා වෙළෙඳාම් පහසුකරණය, ආර්ථික සහයෝගිතාව මෙන්ම සනීපාරක්ෂාව හා ශාක සනීපාරක්ෂාව යන පරිච්ඡේද සම්බන්ධයෙන් වන සාකච්ඡා මෙම වටයේදී අවසන් කරනු ලැබ තිබේ. 

යෝජිත ගිවිසුම සම්බන්ධයෙන් වන ක්‍රියාකාරී සැලැස්මට අනුගත වෙමින් 2024 පෙබරවාරි මාසය වන විට අදාළ සාකච්ඡා අවසන් කිරීමටත්, 2024 මාර්තු මාසය වන විට ගිවිසුමට අත්සන් තැබීමටත් අපේක්ෂා කරන බව දක්වමින්, ජනාධිපතිවරයා ඉදිරිපත් කරනු ලැබූ ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ පස්වන වටයේ සාකච්ඡාවන්හි ප්‍රගතිය සම්බන්ධ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.

Trending

Exit mobile version