Connect with us

පුවත්

ශ්‍රී ලංකා මිරර් – නිම් වළළු පුළුල් කරමින් 12 වැනි වසරට!

Published

on

ශ්‍රී ලංකා මිරර් අපි අද (නොවැම්බර් 01) 12 වැනි උපන්දිනය සමරන්නෙමු.

වසර 2010 නොවැම්බර් 01 වැනිදා විද්‍යුත් පුවත්පතක් ලෙස ආරම්භ කළ ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය මෙරට විද්‍යුත් සන්නිවේදනයේ පෙර ගමන්කරුවන්ගෙන් කෙනෙකි.

වෙබ් අඩවියක් පමණක් වෙමින් මෙරට මාධ්‍ය කේෂත්‍රයේ වසර 12ක් පැවැතීම එතරම් ලෙහෙසි පහසු කාර්යක් නොවේ.

කෙසේවුවද, ශ්‍රී ලංකා මිරර් පැයෙන් පැයට, දිනෙන් දිනට, වසරින් වසරට අලුත් පුවත් සපයන්නකු වඩා අලුත් මත තනන්නකු බව කීම අපිට ආඩම්බරයකි.

අපි 12 වැනි වසරට පා තබන්නට ආසන්න වෙත්ම ඔබට පසුගිය ඔක්තෝබර් 16 වැනිදා අපගේ වෙබ් අඩවියට නව මහුණුවරක් ලබාදෙමින් වෙබ් පුවත් මාවතේ නිම්ව වළළු පුළුල් කළේය.

එසේම ඉදිරියේ ගෙවෙන දින 365 තුළ ද අප ඔබට වෙබ් කලාවේ පුවත් කළාවේ අලුත් මංපෙත් විවර කිරීමට සැලැසුම් සකස් කර තිබේ.

වෙබ් කලාවේ අයිතිකරුවීම නොව ජනතාවට පක්ෂ වීම ශ්‍රී ලංකා මිරර් කර්තෘමණ්ඩලයේ නිති පැතුමයි. අප තේමා පාඨය වන ‘Right To Know Power To Change’ හා සමගාමීව, මහජනතාවගේ ‘දැනගැනීමේ අයිතිය’ සහතික කර ‘වෙනස් කිරීමේ බලය’ ඔවුන්ට ලබාදෙමින් අපක්ෂපාතී සහ ස්වාධීන ප්‍රවෘත්ති සපයන්නෙකු ලෙස සැමවිටම මහජනතාව හා සිටීමට අපි අපේක්ෂා කරමු.

ණය ගන්න නොව, නව දැනුමකින්, රට තනන්නට පුළුල් ඥානයක් පාලකයන්ට පහළ වේවා ශ්‍රී ලංකා මිරර් 12 වැනි සැමරුමේ කර්තෘ මණ්ඩල පැතුමයි.

  • මිරර් කර්තෘ මණ්ඩලය

පුවත්

කෑගල්ල උණුසුම් වූ බස් අනතුර

Published

on

By

කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ කොට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී තිබේ.

අද (18) පස්වරු 4.00ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර එම අනතුරින් පුද්ගලයින් 26 දෙදෙනකු තුවාල ලබා ඇති බවත් ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් වාර්තා වේ.

නුවර සිට අවිස්සාවේල්ල බලා ධාවන වූ පෞද්ගලික බස් රථයක් අධික වේගය සහ අපරික්ෂාකාරී ලෙස වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමත් සමග මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.

තුවාලකරුවන් කෑගල්ල මහරෝහලයට සහ තොරනගහපිටිය ග්‍රාමීය රෝහලට ඇතුළත් කළ බවයි පිංදෙණිය පොලීසිය ප්‍රකාශ කර සිටී.

අනතුරට පත් එක් බස් රථයක රියදුරෙකු බරපතළ තත්ත්වයේ ප්‍රතිකාර ලබන අතර අනෙක් රෝගියා කාන්තාවක් බවයි වාර්තා වේ.

Continue Reading

පුවත්

“මුලින්ම තියන්නේ ජනාධිපතිවරණය නෙමෙයි”

Published

on

By

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකට එක් වෙමින් උදයංග වීරතුංග මහතා මේ බව සඳහන් කලේය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග එකඟත්වයට පැමිණ අවසන් බවද ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වීමට ඇති කරගෙන ඇති එකඟතාව පිළිබඳව දන්නේ  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ එක් අයකු පමණක් බවද ඔහු මෙහිදී පවසා ඇත.

“ අගමැති අපේක්ෂකයෙක් නම් කරන්න බලාපොරොත්තුවක් නැහැ. ධම්මික පෙරේරා ඉතා ප්‍රබල අපේක්ෂකයෙක් විදියට ඉදිරිපත් වෙනවා. ඒ තීරණය තියෙන්නේ පොහොට්ටුවේ එක ඔලුවක විතරයි. පාර්ලිමේන්තු මැතිවරණයක් එනවා. පාර්ලිමේන්තුවේ බහුතරය ඒකට විරුද්ධයි. අනුර කුමාරත් විරුද්ධයි. ජාතික ජන බලවේගයට රැල්ලක් ඇවිල්ලා තියෙන්නේ සමාජ මාධ්‍යයෙන් පමණයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ශකයා රනිල් වික්‍රමසිංහ නෙමෙයි. ඒක දැන් තීරණය කරල ඉවරයි.”

Continue Reading

පුවත්

ඇල්ල – වැල්ලවාය මාර්ගය යළිත් වැසෙයි

Published

on

By

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (18) රාත්‍රී 8 සිට හෙට (19) උදෑසන 6 දක්වා ගමනාගමනය සඳහා වසා තැබීමට යළිත් තීරණය කර තිබේ.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම තීරණය ගත් බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved