පුවත්

ශිරාන් බාසික්ගේ ගෝලයෙක් අල්ලගනියි; පුතා නදින් පැනගනියි

Published

on

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ශිරාන් බාසික් නැමැත්තාගේ ගෝලයකු හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (16) වැල්ලවත්ත, හැව්ලොක්සිටි නිවාස සංකීර්ණයේ රථ ගාලේ  සිදු කළ වැටලීමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ ඉදිරිපිට මාර්ගයේ රාජකාරියේ නියුතු නිලධාරියෙකු විසින් මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් නැවැත්වීමට සංඥා කර ඇති අතර, එහි දී එම මෝටර් රථය එම නිලධාරියාව අනතුරට ලක් කර හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ රථ වාහන අංගනය දෙසට නොනවත්වා ධාවනය කර තිබේ.

පසු ව එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු පළා යාමට තැත් කර ඇති අතර, එහි දී එක් සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුඩාබුද්ගමුව – අංගොඩ ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු සතු ව තිබී මෝටර් රථ 03ක යතුරු හමු ව ඇති අතර, පසුව එම මෝටර් රථ තුන පරීක්ෂා කිරීමේ දී හෙරොයින් ග්‍රෑම් 19ක් ජංගම දුරකථනයක්, ලැප්ටොප් පරිගණකයක්, රුපියල් 29,000ක්, ඩිරාම් 535ක් සහ ඩොලර් 161ක් සොයාගෙන ඇත.

එමෙන්ම එහි තිබී නදින් බාසික් යන අයගේ නමට තිබූ රියදුරු බලපත්‍රයක්, ඩුබායි රාජ්‍යයෙන් නිකුත් කරනු ලැබූ හැදුනුම්පතක් සහ රියදුරු බලපත්‍රයක් සහිත ගමන් බෑගයක් ද සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

‍පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය ඇතුළු දේපොළ වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී තිබේ.

සැකකරුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී ඇත්තේ, පළා ගිය සැකකරු ශිරාන් බාසික් යන අයගේ පුතෙකු වන නදින් බාසික් බවට යි.

සබැඳි පුවත්

B&S හා ඉරාජ් එන්න සිටි Soul Beach අයිති කුඩ්ඩෙක්ට!  

Trending

Exit mobile version