Connect with us

පුවත්

ෂාෆ්ටර්ගේ ඝාතනයට CCTV වලින් සැක රුවක්!

Published

on

ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී අබිරහස් ලෙස ඝාතනයට ලක්වූ දිනේෂ් ෂාෆ්ටර් මහතා සිය නිවෙසේ සිට බොරැල්ල පොදු සුසාන භූමිය වෙත ගමන් කරන අයුරු සටහන්ව ඇති ආරක්ෂක කැමරා දර්ශන ඒ සම්බන්ධව විශේෂඥ දැනුම ඇති පුද්ගලයන් හෝ ආයතන වෙත ඉදිරිපත් කර වාර්තාවක් ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබේ.

ඊට මුල් වී ඇත්තේ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ අබිරහස් ඝාතනය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලදී මේ වන විට ඉතා වැදගත් සාක්ෂියක් බවට පත්ව ඇත්තේ ආරක්ෂක කැමරා දර්ශන වන බැවිනි.

එක් ආරක්ෂක කැමරාවක සටහන්ව ඇති දර්ශන සමීප ඡායාරූපයක් මඟින් නිරීක්ෂණය කිරීමේදී ඒ තුළ සටහන්ව ඇති ඇතැම් සැක කටයුතු දෑ සම්බන්ධයෙන් තවමත් ප්‍රශ්නාර්ථයක් ඇති බැවින් ඒ ගැන විද්‍යාත්මක සාක්ෂයක් ලබා ගැනීම තුළින් සැකය නිරවුල් කර ගැනීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදහස් කර ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කරයි.

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ අබිරහස් ඝාතනය සම්බන්ධයෙන් විවිධ මත පළ වුවත් තවමත් එම අබිරහස විසඳා හමාර කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව නැත. පවතින සාක්ෂි විශ්ලේෂණය කරමින් විමර්ශන තවදුරටත් සිදු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. දිනේෂ් ෂාෆ්ටර් මෝටර් රථයේ තිබී ඇඟිලි සටහන් 11ක් හෝ ඒ ආසන්න ප්‍රමාණයක් ඇඟිලි සලකුණු කාර්යාංශ නිලධාරීන් විසින් සොයා ගන්නා ලදි. එම ඇඟිලි සටහන් විශ්ලේෂණය කර ඒ සම්බන්ධ වාර්තාවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මේ වන විටත් ලබාදී තිබේ.

දිනේෂ් ෂාෆ්ටර් මහතා අපරාධයට ගොදුරු වීමෙන් පසු රෝහල් කරා රැගෙන ගිය සුසාන භූමි සේවකයාගේ සහ ඔහුගේ සහායකයාගේ ඇඟිලි සලකුණුද ඒ අතර වන බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර තොරතුරු සඳහන් කරන ආකාරය අනුව තවදුරටත් දුරකතන ජාල විශ්ලේෂණ ඇතුළු විමර්ශන කටයුතු සිදු වෙමින් ඇත. ඒ සම්බන්ධයෙන් ඉදිරි නඩු දිනයේදී අධිකරණය හමුවේ වාර්තා කිරීම කෙරෙහිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ.

පුවත්

කෑගල්ල උණුසුම් වූ බස් අනතුර

Published

on

By

කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ කොට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී තිබේ.

අද (18) පස්වරු 4.00ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර එම අනතුරින් පුද්ගලයින් 26 දෙදෙනකු තුවාල ලබා ඇති බවත් ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් වාර්තා වේ.

නුවර සිට අවිස්සාවේල්ල බලා ධාවන වූ පෞද්ගලික බස් රථයක් අධික වේගය සහ අපරික්ෂාකාරී ලෙස වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමත් සමග මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.

තුවාලකරුවන් කෑගල්ල මහරෝහලයට සහ තොරනගහපිටිය ග්‍රාමීය රෝහලට ඇතුළත් කළ බවයි පිංදෙණිය පොලීසිය ප්‍රකාශ කර සිටී.

අනතුරට පත් එක් බස් රථයක රියදුරෙකු බරපතළ තත්ත්වයේ ප්‍රතිකාර ලබන අතර අනෙක් රෝගියා කාන්තාවක් බවයි වාර්තා වේ.

Continue Reading

පුවත්

“මුලින්ම තියන්නේ ජනාධිපතිවරණය නෙමෙයි”

Published

on

By

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකට එක් වෙමින් උදයංග වීරතුංග මහතා මේ බව සඳහන් කලේය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග එකඟත්වයට පැමිණ අවසන් බවද ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වීමට ඇති කරගෙන ඇති එකඟතාව පිළිබඳව දන්නේ  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ එක් අයකු පමණක් බවද ඔහු මෙහිදී පවසා ඇත.

“ අගමැති අපේක්ෂකයෙක් නම් කරන්න බලාපොරොත්තුවක් නැහැ. ධම්මික පෙරේරා ඉතා ප්‍රබල අපේක්ෂකයෙක් විදියට ඉදිරිපත් වෙනවා. ඒ තීරණය තියෙන්නේ පොහොට්ටුවේ එක ඔලුවක විතරයි. පාර්ලිමේන්තු මැතිවරණයක් එනවා. පාර්ලිමේන්තුවේ බහුතරය ඒකට විරුද්ධයි. අනුර කුමාරත් විරුද්ධයි. ජාතික ජන බලවේගයට රැල්ලක් ඇවිල්ලා තියෙන්නේ සමාජ මාධ්‍යයෙන් පමණයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ශකයා රනිල් වික්‍රමසිංහ නෙමෙයි. ඒක දැන් තීරණය කරල ඉවරයි.”

Continue Reading

පුවත්

ඇල්ල – වැල්ලවාය මාර්ගය යළිත් වැසෙයි

Published

on

By

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (18) රාත්‍රී 8 සිට හෙට (19) උදෑසන 6 දක්වා ගමනාගමනය සඳහා වසා තැබීමට යළිත් තීරණය කර තිබේ.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම තීරණය ගත් බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved