පුවත්

සජිත්ගේ අවසන් නිවේදනය

Published

on

ආර්ථික කණ්ඩායම් අතර විවාදයට බියවී සිටින්නේ නිවැරදි ආර්ථික වැඩපිළිවෙළක් සහ කණ්ඩායමක් නැති බියගුළු පිරිසක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ආර්ථික දර්ශනයක්, කණ්ඩායමක්, වැඩපිළිවෙළක් නොමැති අය එවැනි විවාදවලින් පැනගියත් තමා ඇතුළු පිරිස වාද විවාදවලින් පැන නොයන බැවින් ආර්ථික කණ්ඩායම් සහ නායකයන්ගේ විවාදයට එකවර දින දෙකම තීන්දු කරන ලෙස අවසාන වතාවට ප්‍රකාශ කරන බව විපක්ෂ නායකවරයා සඳහන් කලෙය.

සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 209 වැනි අදියර යටතේ හම්බන්තොට මුල්කිරිගල වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයට රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රගතියක් ගැන වාද විවාද කිරීම විකාර වැඩක් ලෙස පැවසුවත් ආර්ථික කණ්ඩායමක් වැඩපිළිවෙළක් නොමැති අයට ආර්ථික කණ්ඩායමක් හා වැඩපිළිවෙළක් සකස් කර ගැනීමට එමගින් උපකාරී විය හැකි බවත් විපක්ෂ නායකවරයා පවසයි.

Trending

Exit mobile version