පුවත්

සජිත් – අනුර විවාදය කවදාද?

Published

on

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග විවාදයට අද (06) දිනයේත් ඕනෑම අවස්ථාවක අනුර කුමාර දිසානායක මහතා සූදානමින් පසුවන බව ජාතික ජනබලවේගයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඔහු පවසන්නේ ඒ සම්බන්ධයෙන් සමගි ජනබලවේගය පක්ෂයෙන් මේ දක්වාත් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවය.

අද දිනයෙන් පසුව පක්ෂයේ නායකයින් අතර විවාදයක් පැවැත්වීමට බලාපොරොත්තු නොවන බව නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් අදාළ විවාදය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසා සිටියේ, ජනාධිපතිවරයක් ප්‍රකාශයට පත්කරන තෙක් තම පක්ෂය මෙම විවාදයන්ට සුදානමින් සිටින බවය.

Trending

Exit mobile version