දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන පලනි දිගම්බරම් හා වේලු කුමාර් අතර රූපවාහිනි වැඩසටහනක් තුළදී ගැටුමක් ඇති වී තිබේ.
‘ශක්ති සටන’ වැඩසටහන අතරතුරදී ඇතිවූ උණුසුම් වචන හුවමාරුවකින් පසුව මන්ත්‍රීවරුන් දෙදෙනා ගැටී තිබුණේ මෙසේය.
එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන බවට වේලු කුමාර් මන්ත්‍රීවරයා පවසා තිබුණු අතර, දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායකයා වන මනෝ ගනේෂන් ඇතුළු දිගම්බරම් සහය ප්‍රකාශ කර තිබුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාටය.
(වීඩියෝ : News1st)