පුවත්

සනත් නිශාන්තගේ නඩුවෙන් විනිසුරුවෙක් අස්වෙයි

Published

on

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් විභාගයෙන් අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ඉවත්වී තිබේ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා විවෘත අධිකරණයේ දී අද (27) සඳහන් කළේ විනිසුරු චමත් මොරායස් මහතා මෙම නඩු විභාගයෙන් ඉවත් වන බවය.

චමත් මොරායස් විනිසුරුවරයා හලාවත අධිකරණ කලාපයේ සේවය කරද්දී වගඋත්තරකාර සනත් නිෂාන්ත මහතාව රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගයක් නිකුත් කර ඇති හෙයින් මෙම නඩුව විමසීමට ඔහු අකමැත්ත පළ කර ඇති බව මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්  විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා පැවසීීය.

ඒ අනුව අදාළ පෙත්සම් විභාගය ලබන 31 වැනිදා නැවත කැඳවීමටත් එදිනට නව විනිසුරු මඩුල්ල නම් කිරීමටත් අධිකරණය නියම කර ඇත.

ඉකුත් වසරේ අගෝස්තු මස 23 වන දා හෝ ඊට ආසන්න දිනයකදී  ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළ වගඋත්තරකාර සනත් නිශාන්ත මහතා අරගල කරුවන්ට ඇප ලබා දීමේදී මහේස්ත්‍රාත්වරු කටයුතු කළ ආකාරය විවේචනය කිරීම හරහා ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ඔහුට නිසි දඬුවම් පමුණුවන ලෙසත් ඉා ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය, විජිත කුමාර සහ ප්‍රියලාල් සිරිසේන යන නීතිඥවරු විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

(මූලාශ්‍රය : අද දෙරණ)

Trending

Exit mobile version