පුවත්

සපුගස්කන්දට නව තෙල් පිරිපහදුවක්; කැබිනට් අනුමැතියත් ඉල්ලලා

Published

on

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ ධාරිතාව ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කළේ, ඒ අනුව එම ස්ථානයේ නව පිරිපහදුවක් ඉදි කරන බවයි.

ඉන් දෛනිකව බැරල් එක් ලක්ෂ 20000 ක්  පිරිපහදු කළ හැකි බව ඔහු ප්‍රකාශ කළේ ය.

අමාත්‍යවරයා පැවසුවේ මේ වනවිට සපුගස්කන්ද පිරිපහදුවේ දෛනිකව බැරල්  40000 ක් පිරිපහදු කිරීමට හැකි බවයි.

නව පිරිපහදුව ඉදි කිරීම සඳහා ‍මේ වනවිට කැබිනට් අනුමැතිය ඉල්ලා ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

Trending

Exit mobile version