පුවත්

සබ්රි ඉන්දියාවේ සංචාරයක 

Published

on

සබ්රි ඉන්දියාවේ සංචාරයක 

භූ දේශපාලනය සහ භූ ආර්ථිකය පිළිබඳව ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ප්‍රමුඛතම සමුළුව වන රයිසිනා සංවාදයේ අටවැනි අදියරට සහභාගි වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්රි මැතිතුමා 2023 මාර්තු 02-04 යන දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.

ඔබ්සර්වර් පර්යේෂණ පදනම, ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යංශය සමඟ එක්ව මෙම සමුළුව සඳහා සත්කාරකත්වය ලබා දෙයි.

ඉහත සමුළුව අතරතුර, “බෙදුණු ලොව සුවපත් කිරීම” (Healing a Divided World) සහ “බලාපොරොත්තුවේ බයිට් : තාක්ෂණය ඔස්සේ ප්‍රජාව ගොඩනඟන ආකාරය” (Bytes of Promise: How can Technology Lift Communities) යන මාතෘකා යටතේ 2023 මාර්තු 03 වැනි දින පැවැත්වීමට නියමිත විශේෂ සංවාද ද්විත්ත්වයට ද අමාත්‍යවරයා සහභාගි වනු ඇත.

අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ ගෙන දෙන ආකාරයේ සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා පවතින නව මාවත් කෙරෙහි අවධානය යොමු කිරීමේ අරමුණින් අමාත්‍යවරයා මෙම සමුළුවට සමගාමීව රටවල් කිහිපයක සිය මිත්‍ර පාර්ශ්ව හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.

Trending

Exit mobile version