2022 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මස නිකුත් කිරීමෙන් පසුව, කෙටි කාලයක් තුළ අයදුම්පත් යොමු කිරීමට සිසුන්ට අවස්ථාව ලබා දුන් ලෙසම, කඩිනම් ලකුණු ද ඉක්මනින්ම ලබාදුන් බවත්, විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුලත් කර ගැනීමද 2024 ජනවාරි මස සිටම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ 2022/2023 අධ්‍යයන වර්ෂයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කඩඉම් (Z) ලකුණු නිකුත්වීම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවකට අද (01) එක් වෙමිනි.