පුවත්

සබරගමුව සරසවි සිසුවාගේ මරණය ගැන සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක් (UPDATE)

Published

on

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පිඨයේ ඉංජිනේරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ දෙවන වසරේ ශිෂ්‍යයෙකු හදිසියේ මියයෑම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කළ බව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා පවසයි.

ඔහු සඳහන් කළේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය ඒ.ඒ.වයි. අමරසිංහ මහතාගේ සභාපතීත්වයෙන් එම කමිටුව පත් කර ඇති බවය.

මහාචාර්ය කපිල රත්නායක සහ නීතීඥ වයි.එස් චන්ද්‍රසේකර මහත්මිය එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස පත් කර තිබේ.

අදාළ සිසුවාගේ මරණය සම්බන්ධයෙන් කරුණු සොයා බලා ඊට අදාළ නිරීක්ෂණ සහ නිගමන කඩිනමින් ලබාදෙන ලෙස එම කමිටුවට දැනුම්දුන් බව උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා වැඩිදුරටත් පැවසීය.


(පෙර පුවත 2025 මැයි 02 පෙ.ව.8.08 )

සරසවි සිසුවාගේ මරණය ගැන විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනයෙන් ප්‍රකාශයක්

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි 23 හැවිරිදි චරිත් දිල්ශාන් හදිසියේ මියයෑම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා සිටින බව විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනය පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ අදාළ සිදුවීම පිළිබඳව සිය සම්මේලනය බලවත් කම්පනයට පත්වී සිටින බවය.

මෙම ඛේදජනක සිදුවීම නවකවධ ක්‍රියාවලියකට සම්බන්ධ බවට චෝදනා මතුවෙමින් ඇති බවද විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසයි.

මේ අතර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ඊයේ විශේෂ නිවේදනයක් නිකුත් කරන ලදී.

එහි දැක්වෙන්නේ, “චරිත් දිල්ශාන් සොයුරාගේ හදිසි අභාවය පිළිබඳ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමු.” යනුවෙනි.

මරණයට හේතුව නවකවධ සිදුවීමක් බවට වූ චෝදනාවක් ඇති බැවින් මේ පිළිබඳව පටු න්‍යාය පත්‍රවලින් තොරවූ පූර්ණ අපක්ෂපාතී විමර්ශනයක් පවත්වන ලෙසත් චෝදනා සත්‍ය නම් විත්තිකරුවන්ට දඬුවම් පමුණුවන ලෙසත් සිය ශිෂ්‍ය සංගමය ඉල්ලා සිටින බවත් එහි දැක්වෙයි.

අදාළ විමර්ශන සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පූර්ණ සහයෝගය ලබා දෙන බවත් සඳහන් කරයි.

එම නිවේදනය,

සබැඳි පුවත්

Trending

Exit mobile version