විපක්ෂ කණ්ඩායම්වලට වැඩි බලයක් හිමි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා සහාය දීම සම්බන්ධයෙන් මෙතක් තීන්දුවක් ගෙන නැතිබව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.
ඔහු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් ජනතාවගේ මතය පිළිබඳව තව කරුණු සොයා වැඩිදුර සාකච්ඡා කළ යුතුව ඇති බවය.
මේ ගැන තීන්දුවක් ගැනීමට දේශපාලන මණ්ඩලය ලබන සතියේදී නැවත වරක් රැස්වීමට නියමිත බව ද හෙතෙම සඳහන් කළේ ය.
ලබන සතියේදී පමණ රැස්වන දේශපාලන මණ්ඩලය ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බවද මහ ලේකම්වරයා පැවසීය.
පසුගිය සතියේදී ද පක්ෂයේ දේශපාලන මණ්ඩලය පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජාපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස්වූ නමුත් එදින මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොතිබුණි.