මේ වන විට මෙරට සංචාරයක නිරතව සිටින ඇමෙරිකාවේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සහයෝගීතාවයේ (DFC) ප්‍රධාන විධායක නිලධාරී ස්කොට් නේතන් මහතා, මෙරට සිටින ඇමරිකානු තානාපතිනි ජුලී චුන්ග් මහත්මිය හා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (07) පැවැත්වුණි.
යහපාලනය මත පදනම් වූ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ගුණාත්මක ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ උත්සාහයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු බව ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි.
මේ අතර, ස්කොට් නේතන් මහතා හා ඇමෙරිකානු තානාපතිනිය මෙරට විදුලිබල හා බලශක්ති අමාත්‍ය – කාංචන විජේසේකර සමඟද සාකච්ඡාවක් පවත්වා තිබේ.