Connect with us

පුවත්

සාකච්ඡා වලට එන්නැයි දෙමළ පක්ෂ වලට ජනපතිගෙන් ආරාධනයක්

Published

on

දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව ලබන සතියේ පැවැත්වීමට නියමිත සාකච්ඡාවක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දෙමළ දේශපාලන පක්ෂවලට ආරාධනයක් සිදුකර තිබේ.

අද (10) දිනයේදී පාර්ලිමේන්තුව අමතමින් ඔහු පවසා සිටියේ ලබන වසරේ 75 වැනි නිදහස් දින සැමරුම් උත්සවයට පෙර බාහිර මැදිහත්වීම්වලින් තොරව එම ගැටලු සුහදව විසඳා ගැනීමට මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ උතුරු පළාතේ පුනර්ජනනීය බලශක්ති විභවයන් සහ උතුරු ආර්ථිකය නැංවිය හැකි හරිත හයිඩ්‍රජන් සඳහා ඇති ඉඩකඩ පිළිබඳව වාර්තාවක් කැඳවා ඇති බවයි.

තවද, ලබන වසරේදී ශ්‍රී ලංකාව කිසිඳු ආහාර සුරක්ෂිතතා ගැටළුවකට මුහුණ නොදෙන බවට විශ්වාසය පළ කළ ජනාධිපතිවරයා, මිලියන 20-30 අතර ජනතාවක් අප්‍රිකාවේ අඟ (Horn of Africa) ප්‍රදේශයේ පීඩාවට පත්වනු ඇති බවත්, ඉන් බොහෝ දෙනෙක් මිය යනු ඇති බවත් අනතුරු ඇඟවූ ජනපතිවරයා, යුක්රේනයට උදව් කළ අයුරින්ම එම කොන්දේසි යටතේම ඔවුන්ට සහය වන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටියේය.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved