පුවත්

සාමාන්‍ය පෙළ පැවැත්වෙන දින මෙන්න

Published

on

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2025 වසරේ මාර්තු 17 වනදා සිට එම මස  26 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර මහතා (18) අද මේ බව නිවේදනය කලේය.

එමෙන්ම මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා දුරකථන අංක හා විද්‍යුත් තැපෑල ලිපිනයක්ද විභාග දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 1911, 0112784208, 0112784537, 0112786616 යන දුරකතන අංකවලට ඇමතීමෙන් ලබාගත හැකිය.

ෆැක්ස් අංකය             –  0112784422

පොදු දුරකථන අංක    – 0112786200, 0112784201, 0112785202

Trending

Exit mobile version