සිංගප්පූරු පාර්ලිමේන්තු මැතිවරණයෙන් මහජන ක්‍රියාකාරී පක්ෂය ජයග්‍රහණය කර තිබේ.
ඒ 65%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්.
ඒ අනූව පාර්ලිමේන්තු ආසන 97න් 87ක් අගමැති ලොරන්ස් වොන්ග්ගේ නායකත්වයෙන් යුත් මහජන ක්‍රියාකාරී පක්ෂය ජයග්‍රහණය කර තිබේ.
උද්ධමනය, වැටුප් විෂමතා වැනි ගැටලු හේතුවෙන් ජනතාව කනස්සල්ලට පත්ව ඇති පසුබිමකදී සිංගප්පූරු මැතිවරණය පැවැත්විය.