සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සුදත්ත තිලක්සිරි නැමැත්තා ‘සිරි දළදා දැක්මට’ පහසුකම් සැපයීමට බව පවසමින් සංවිධානයක් පිහිටුවාගෙන මූල්‍ය වංචාවක් සිදුකර ඇතැයි චෝදනා කරමින් පාර්ශ්ව කිහිපයක් විසින් අද (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි සහ කරුණු ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
මෙම පැමිණිල්ල සිදුකර ඇති ප්‍රගතිශීලී තරුණ ව්‍යාපාරයේ නියෝජිතයින් පිරිසක් ඉල්ලා ඇත්තේ මෙම වංචාවට සම්බන්ධ වූවන් කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙසයි.
ලබන මස ආරම්භ වීමට නියමිත මෙම සිරි දළදා දැක්මට පැමිණෙන සැදැහැවතුන්ට වැසිකිළි පහසුකම් සැපයීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව පවසමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් වන සුදත්ත තිලකසිරි නැමැත්තා පුද්ගලයින්ගෙන් මුදල් එක්රැස් කරමින් මූල්‍ය වංචාවක් සිදුකර ඇතැයි ඔවුන් වැඩිදුරටත් චෝදනා කර තිබේ.
සබැඳි පුවත් :