අම්පාර, කාරතීවු මාර්ගයේදී ට්‍රැක්ටරයක් පෙරලීයෑමෙන් අද (26) සිදුවූ අනතුරකින් දරුවන් ඇතුළු පුද්ගලයන් 08 දෙනෙකු අතුරුදහන් වී ඇතැයි වාර්තා වේ.
පොලීසිය සඳහන් කළේ ඒ අතරින් සිසුන් දෙදෙනෙකුව බේරා ගත් බවයි.
නින්දවූර් මද්‍රාසා පාසලේ ඉගෙනුම ලැබූ මෙම දරුවන්, පාසැල් අවසන් වී පැමිණෙන අතරදී මෙසේ අනතුරට ලක්ව ඇත.
අතුරුදන් වූ අනෙක් පිරිස සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.
(ඡායාරූපය : Accident1st)