පුවත්

සිසුවෙක් රජරට සරසවියේ පූල්එකේ ගිලිලා 

Published

on

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍ර භූමියේ පිහිටි පිහිණුම් තටාකයේ දිය නෑමට ගිය එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පළමු වසරේ සිසුවෙකු දියේ ගිලී මරුමුවට පත්ව ඇත.

ඊයේ (27) සවස 5.00 ට පමණ එම පීඨයේම අධ්‍යාපනය ලබන තවත් සිසුන් පස් දෙනෙක් සමග ඔහු දිය නෑමට ගොස් ඇත. 

එම අවස්ථාවේ එම සිසුවා පිහිණුම් තටාකයේ ගැඹුරුම ස්ථානයෙන් දියට බැසීමට උත්සාහ කළ අවස්ථාවේ මෙසේ දියේ ගිලී ඇති බව මිහින්තලේ පොලීසිය සිදු කළ විමර්ශන වලදී අනාවරණය වී ඇත.

මඩකලපුව කොකුවිල් ප්‍රදේශයේ පදිංචිව සිටි විසි එක් හැවිරිදි මුරුගදාස් තිලක්ෂණ නැමැති  සිසුවා මෙසේ මියගොස් ඇත. ඔහුගේ මෘත දේහය මිහින්තලේ ප්‍රාදේශීය රෝහලට රැගෙන යාමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකය වෙත යොමු කොට ඇත.

දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය අද (28) සිදු කිරීමට නියමිතව තිබේ.

Trending

Exit mobile version