සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ සීතාවක ඔඩිසි විශේෂ සංචාරක දුම්රිය ධාවනයේ යෙදවීම දින නියමයකින් තොරව දෙවන වරටත් කල්දැමීමට සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට වග දුම්රිය ස්ථානය දක්වා ධාවනය වන අතර මෙම දුම්රිය පස්වරුවේ නැවත කොළඹ කොටුව බලා ධාවනය කිරීමට සැලසුම් කර ඇත්තේ සංචාරක ස්ථාන කරා සංචාරකයන් ප්‍රවාහනය කිරීමේ බහුවිධ ප්‍රවාහන මාධ්‍ය දායකත්වයද ගනිමිනි.
කෙසේවුවද, සංචාරකයන් සංචාරක ස්ථානවලට රැගෙන යාම වෙනුවෙන් අනෙකුත් ප්‍රවාහන මාධ්‍ය නිසි පරිදි සම්බන්ධීකරණය නොවීමෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.