පුවත්

සුරාබදු දෙපාර්තමේන්තුවට අලුත් ලොක්කෙක්

Published

on

නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස යූ.එල්.උදය කුමාර පෙරේරා පත් කර තිබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත පවසයි.

ඔහු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙකු වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීවරයෙකි.

මේ අතර, දැනට සුරා බදු කොමසාරිස් ජනරාල් තනතුරේ වැඩ බලනු ලබන දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි යූ. ඩී. එන්. ජයවීර නැවත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත අනුයුක්ත තිබේ.

Trending

Exit mobile version