පුවත්

සෝපානයක් කඩාවැටී කොස්තාපල් ඇතුළු 4ක් රෝහලට

Published

on

ග්‍රෑන්ඩ්පාස් මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයෙහි ඩී බ්ලොක් පරිශ්‍රයෙහි විදුලි සෝපානයක් කඩාවැටීමෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු සිවුදෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි.

විදුලි සෝපානය කඩා වැටීමෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයාගේ පාදයට බරපතළ තුවාල සිදුවී ඇති අතර කොළඹ ජාතික රෝහලේ 72 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

මෙම නිවාස සංකීර්ණයේ 5 වන මහළේ පිරිසක් විසින් අවට පදිංචිකරුවන්ට කරදකාරී වන අයුරින් ඊයේ (10) දින උපන්දින සාදයක් පවත්වා ඇති අතර ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ රාත්‍රී මුර සංචාරයේ නිරත වී සිටි පොලිස් සැරයන්වරයකුට ලැබුණු දුරකතන ඇමතුමකට අනුව පොලිස් නිලධාරීන් එම නිවාස සංකීර්ණය සෝදිසි කිරීමට පැමිණ ඇති බව පොලිසිය පවසයි.

එහිදී 5 වැනි මහලේ පැවැති උපන්දින සාදය පවත්වන නිවෙසට ගොස් එය සමථයකට පත් කර නැවත පිටව යාමේදී සිවුවන මහළ පමණ වනවිට ගමන් කරමින් තිබූ සෝපානය කඩා වැටී ඇති බව පොලිසිය පවසඋඉ

සිද්ධිය සම්බන්ධයේ මහල් නිවාසය අවට සිටි ජනතාව චෝදනා කර සිටියේ මීට පෙර ද මෙවන් අනතුරුවලට මහල් නිවාස හිමියන් මුහුණ දුන්නද එම අනතුරු වළක්වාගැනීම සදහා තවමත් අදාල නිළධාරීන්ගෙන් විසදුමක් ලැබී නොමැති බවය.

කොළඹ උතුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.එස්.කේ. රූපසිංහ මහතාගේ උපදෙස් පරිදි ග්‍රෑන්ඩ්පාස් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Trending

Exit mobile version