Connect with us

පුවත්

හතක් මැරූ වෙඩික්කරු මානසික රෝගියෙක්!

Published

on

ජර්මනියේ ආගමික රුස්වීම් ශාලාවක දී පුද්ගලයින් 07 දෙනෙකු වෙඩිතබා ඝාතනය කළ පුද්ගලයා මානසිය රෝගී තත්ත්වයකින් පෙළෙන්නෙකු බවට හෙළිවී ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

තිස්පස් හැවිරිදි අදාළ පුද්ගලයාට ගිනි අවියක් ළඟ තබා ගැනීම සඳහා බලපත්‍රයක්ද හිමිව තිබූ අයෙක් බවද පැවසේ.

මෙම වෙඩි තැබීමේ සිද්ධියෙන් මාස හතක ගැබිනි කාන්තාවක් ඇතුළු 08 දෙනෙකු තුවාල ලබා ඇත.

ගැබිනි කාන්තාවගේ කුස තුළ සිටි දරුවා වෙඩි ප්‍රහාරයෙන් මිය ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගියදා ජර්මනියේ නගරයක පැවති ආගමික රැස්වීමකට කඩාවැදුණු අදාළ පුද්ගලයා එහි දේශනයට එක්ව සිටි බැතිමතුන්ට වෙඩිතබා ඝාතනය කර තිබුණි.

මෙම සිදුවීමෙන් අතතුරුව ගිනි අවි සන්තකයේ තබාගැනීමට දැඩි ලෙස පාලනය කිරිම සඳහා නව නීතියක් ගෙන ඒමට පියවර ගන්නා බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

සබැඳි පුවත්

නාඳුනන තුවක්කු කරු 7ක් මරා දමයි!

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved