පුවත්

හඳුන්ගොඩගේ  ‘බැඳුම්කරය 2‘ වීඩියෝව රස පරීක්ෂකට යවයි

Published

on

සමාජ මාධ්‍ය ක්‍රියාකරුවකු වන දර්ශන හඳුන්ගොඩ මහතාගේ ‘එස්එල් දේශය‘ යූටියුබ් නාළිකාවේ ‘බැඳුම්කරය 2‘ යන වීඩියෝව වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකට යොමු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (03) නියෝග කළේය.

ඒ එම වීඩියෝවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් විකුම් ද ආබෘෘ මහතා සහ රජයේ අධිනීතිඥ නියෝමි මල්කා කහවිට මහත්මිය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයක් පදනම් කරගනිමින් අපහාසය ඇති වන අයුරින් කටයුතු කළ බවට එල්ව ඇති ච‌ෝදනාව සම්බන්ධයෙන් එම අධිකරණයේ විභාගවන නඩුවට අදාළවය.

 ඒ වීඩියෝව පටිගත කළ ඇපල් මැක් බුක් ලැප්ටොප් පරිගණක යන්ත්‍රය සහ එහි උපාංග රජයේ රස පරීක්ෂක වෙත යොමු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නි⁣⁣යෝග කළේය.

ඔහු මේ නියෝගය කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කරමින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.

මූලාශ්‍රය – දිනමිණ

Trending

Exit mobile version