පුවත්

හරක් කටාගේ පවුලක් ඩුබායි බිස්නස් අතට අරගෙන!

Published

on

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ දකුණේ පාතාල කල්ලි නායකයෙකු වූ හරක් කටා හෙවත් මිදිගම නඳුන් චින්තක වික්‍රමරත්න සමග සමීප සබඳතා පැවැත්වූ කාන්තාවක අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වන බව වාර්තා වේ.

ඇය මේ වන විට ඩුබායි රාජ්‍යයේ රැඳී සිටිමින් හරක් කටා විසින් සිදුකරන ලද ක්‍රියාකාරකම් මෙහෙයවන බවට තොරතුරු ලැබීම නිසා ඇය මෙලෙස අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන ලබා ගැනීමට කටයුතු කරන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

වරෙක හරක් කටාගේ බිරියක වශයෙන් ද ඇය කටයුතු කර ඇතැයි ද එම ආරංචි මාර්ග පෙන්වා දෙන අතර ඇය අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය ලියකියවිලි මේ වන විට සකස් කරමින් තිබෙන බව ද කියයි.

හරක් කටා මේ වන විට සිටින්නේ, රැඳවුම් නියෝග මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ය.

ඉකුත් මාර්තු මස 11 වන දා මැඩගස්කරයට යන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහ විශේෂ කාර්ය බළකා නිලධාරීන් එරට අත්අඩංගුවට පත් හරක් කටා සමග කුඩු සලිඳු ද සිය භාරයට ගෙන මෙරටට රැගෙන ආහ.

රහස් පොලිස් නිලධාරීන් ඔහුගේ සමීපතම කාන්තාව සම්බන්ධ තොරතුරු අනාවරණය කර ගන්නේ රඳවා ගෙන ප්‍රශ්න කිරීමේදී ය.

මූලාශ්‍රය – මව්බිම

Trending

Exit mobile version