පුවත්

හරක් හොරකමේ ගිය නවගමුව OIC අල්ලන්න යැයි නියෝගයක්!

Published

on

සාක්ෂි ලබාදීමට අධිකරණය හමුවට නොපැමිණි නවගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලයනල් සේනාරත්න මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස දන්වමින් අත්තනගල්ල මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඊයේ (03) වරෙන්තුවක් නිකුත් කළේය.

හරක් සොරකම් කිරීම සම්බන්ධයෙන් පවරා තිබූ නඩු දෙකක ප්‍රධාන සැකකරු වන නවගමුව පොලිසියේ ස්ථානාධිපතිවරයා, සාක්කි ලබාදීමට නිසි පරිදි අධිකරණයට නොපැමිණීම හේතුවෙන් මහෙස්ත්‍රාත්වරයා එලෙස වරෙන්තු නිකුත් කළේය.

අදාළ නඩු දෙක සඳහා සාක්ෂි දීමට මීට පෙර අවස්ථාවේදීද අධිකරණයට නොපැමිණීම හේතුවෙන් නවගමුව පොලිසියේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට මහෙස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කළේය.

Trending

Exit mobile version