පුවත්

හර්ෂ පැවසූ තර්ජන ගැන CIDයෙන් විමර්ශන

Published

on

තමන් මුහුණ දෙන බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළ තර්ජන සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ.

ඒ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත කරන ලද නියෝගයක් මතයි.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ඊයේ ප්‍රකාශ කළේ මුදල් කාරක සභාවේ සභාපති ධූරය තමන් භාරගනු ලැබුවේ අභියෝග රැසක් මධ්‍යයේ බවය.

තමන්ට ගැටළු රැසක් මත කටයුතු කිරීමට සිදුව ඇති බවද එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේය.

සබැඳි පුවත්:

“මාව මරල දැම්මොත් මේකෙ පිටිපස්සෙ ඉන්න අය වගකිව යුතුයි“

Trending

Exit mobile version