පුවත්

හිටපු ලාංකික සෙබලු 5ක් යුක්රේන අත්අඩංගුවේ; තවත් 3ක් යුද්දේදී මියගිහින්

Published

on

රුසියානු හමුදාවට සම්බන්ධ වී දේශසීමා තරණය කළ ශ්‍රී ලාංකික හිටපු සෙබළුන් පස්දෙනකු යුක්රේන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන යුද සිරකරුවන් ලෙස රඳවාගෙන සිටින බව වාර්තා වේ. 

යුක්රේනයට සමගාමීව ක්‍රියාත්මක තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඒ පිළිබඳව තහවුරු කර තිබේ.

යුක්‍රේන් බලධාරීන් ශ්‍රී ලංකාවේ දුත පිරිසට දැනුම්දී ඇත්තේ, ශ්‍රී ලාංකිකයන් පස්දෙනකු යුද සිරකරුවන් ලෙස රඳවාගෙන සිටින බවයි. 

එමෙන්ම යුක්රේන හමුදා සමග සටන් කළ ශ්‍රී ලාංකිකයන් තිදෙනකු ක්‍රියාන්විතයේදී මියගොස් ඇති බව ද වාර්තා වේ.

මීට පෙර රුසියානු හමුදාවට බැඳුණු ශ්‍රී ලාංකිකයන් නිදහස් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ දූත පිරිසක් රුසියාවේ මොස්කව් වෙත ගියහ.

බොහෝදුරට විශ්‍රාමික සොල්දාදුවන් වන ශ්‍රී ලාංකිකයන් රුසියානු පුරවැසිභාවය ඇතුළු හොඳ වැටුප් සහ වරප්‍රසාද ලබාදෙන බවට පොරොන්දු මත රුසියාවට ගොස් ඇති බව රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය මහතා පවසයි.

ඔවුන් රුසියානු ආරක්ෂක බලධාරීන් සමග ගිවිසුම් අත්සන් කර ඇති බැවින් ඔවුන් නිදහස් කර ගැනීම පහසු කටයුත්තක් නොවන බවත් ඉන් සමහර සොල්දාදුවන් රුසියානු පුරවැසිභාවය පවා ලබාගෙන ඇති බවත් වාර්තා වේ.

සබැඳි පුවත්

රුසියානු හමුදාවට බැඳුන ලාංකිකයන්ගේ ලැයිස්තුවක් ඉල්ලයි
රුසියාවට සෙබළු යැවූ අයෙක් දෙහිවලදී අත්අඩංගුවට 
ලංකාවේ 500ක් රුසියානු හමුදාවේ; වැඩි පිරිසක් “බිලි බෝයිස්ලා” කරලා 

රුසියානු හමුදාවේ සිටි ලංකාවේ හමුදා සාමාජිකයෙක් මරුට 
යුක්රේන යුද්ධයට ගිය ලංකා හමුදාවේ 3ක් මරුට;  ‘කපිතාන් ඩෙන්ටිස්ට්’ ඒ අතර 

Trending

Exit mobile version