පුවත්

හිත හොඳ පොලිස්ගේ වැඩ තහනම්; හේතුව යූටියුබ් වීඩියෝ

Published

on

තමන්ට සිදුවී ඇති අසාධාරණයකට පොලිස් සහන මැදිරියෙනු​ත් සහනයක් නොලද ගාල්ල ප්‍රදේශයේ පොලිස් සැරයන්වරයෙක් සමාජ මාධ්‍ය ඔස්සේ ඒ සම්බන්ධයෙන් අනාවරණය කිරීම නිසා ඊයේ (23) සිට ඔහුගේ සේවය අත්හිටුවිමට පොලිස් දෙපාර්තමේන්තු තීරණය කර තිබේ.

මෙසේ සේවය අත්හිටුවා ඇත්​තේ  “ගාල්ලේ හිත හොඳ පොලිස් මහත්තයා “ ලෙස හඳුන්වන කුරුඳුවත්ත පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටි  පොලිස් සැරයන් 10412 විමල් ජයසේකර නැමැති අයගේය.

 මෙම නිලධාරියාගේ සේවය අත්හිටුවා ඇත්තේ නිසි අවසරයක් නොමැතිව  ජූනි මස 17, 18 සහ 20 දිනයන්හි දි නිල ඇඳුමින් සැරසී ශ්‍රී ලංකා පොලිසියේ හොඳ නමට කැළලක් ඇතිවන අන්දමින් හා පොලිස් නිලධාරීන් කෙරෙහි මහජනතාව තුළ අප්‍රසාදයක් ඇතිවන අන්දමින් සමාජ මාධ්‍යයන් වෙත වීඩියෝ පටයක් මුදාහැරීමේ  “විෂමාචාර ක්‍රියාවෙහි”  නිරත වීම යන චෝද​නා යටතේය.

මෙම සැරයන්වරයාගේ වැඩ තහනම් කර තිබුණේ කුරුඳුවත්ත ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරීවරයා විසිනි.

31 අවුරුද්දක් වූ  ස්වකීය පොලිස් සේවා දිවියේ සිදුවූ පීඩාවන් දරාගෙන සිට කිසිම තැනකින් සාධාරණයක් ඉටු නොවන තැන මෙම පොලිස් සැරයන්වරයා සමාජ මාධ්‍ය ඔස්සේ ස්වකිය කතාව දිගහැර ඇති බව වාර්තා වේ.

ඒම වීඩියෝවෙන් 2007.05.01 දින පොලිස් සැරයන්වරයෙක් දක්වා උසස්වීම් ලබන ඔහු 16 වසරක් සැරයන්වරයෙක්ව සිටිය දී තමන් සමග කොස්තාපල්වරුන් ලෙස පටන් ගත් නිලධාරීන් තරු තුන පැළඳ සිටි ආකාරය ගැනත්, දූෂණ චෝදනා සහිතව සිටි උප පොලිස් පරික්ෂකවරුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දක්වා ඉහළට ගිය ගමනත් ගැන ඔහු වේදනාවෙන් කතා කළේය.

මේ අතර පහළ නිලධාරීන්ගේ අතෘප්තිය එන්න එන්නම වැඩිවෙමින් ඇති බවත්  මේ වනවිට සතියට නිලධාරීන් 10 දෙනෙකුවත් පොලිස් සේවය අත්හැර යන බවට මාධ්‍ය වාර්තා පැතිර තිබේ.

Trending

Exit mobile version