පුවත්

හෙට වැසෙන පාසල්

Published

on

දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල්  සඳහා හෙට(05) නිවාඩු ලබාදි ඇතැයි පළාත් අධ්‍යාපන කාර්යාලය නිවේදනයක් නිකුත් කරතිබේ.

එමෙන්ම රත්නපුර අධ්‍යාපන කළාපයේ සියලුම පාසල් , නිවිතිගල අධ්‍යාපන කළාපයේ ඇළපාත, අයගම සහ කලවාන අධ්‍යාපන කොට්ඨාශවලට අයත් සියලුම පාසල් ද හෙට දිනයේ වසා තැබීමට තීරණය කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් පළාත් අධ්‍යාපන ලේකම්වරු  මෙම තීරණය දැනුම්දී තිබේ.

හෙටින් පසු  කාලගුණ තත්ත්වය මත කළාප අධ්‍යක්ෂවරුන් දැනුවත් කර පාසල් පැවැත්වීමට අදාළ තීරණ ගනු ලබන බවද එම නිවේදනයෙ සඳහන්ය.  

මේ අතර  බස්නාහිර පළාතේ  ගංවතුර තත්ත්වය පහවගොස් ඇති පාසල් විවෘත කරන ලෙස සියලු පාසල්හි විදුහල්පතිවරුන්ට බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා  උපදෙස් දී තිබේ.

Trending

Exit mobile version