පුවත්

හෙද සේවය සඳහා අලුතින් 3147ක්

Published

on

මෙරට හෙද සේවය සඳහා බඳවාගත් 3,147 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම හෙට (24) අරලියගහ මන්දිර පරිශ්‍රයේ රැස්වීම් ශාලාවේ දී පැවැත්වේ.

එය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන බවය සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

මෙරට හෙද සේවා ඉතිහාසයේ මෙපමණ ප්‍රමාණයකට එකවර පත්වීම් ලිපි ප්‍රදානය කරනු ලබන පළමුවන අවස්ථාව මෙය වේ. මෙම උත්සවයට සමගාමීව හෙද සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීන් 79 දෙනෙකු සඳහා උසස්වීම් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදුකිරීමට නියමිතය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්වනු ඇත.

Trending

Exit mobile version