නීති විරෝධී ලෙස පසුගිය කාලයේ විදේශීය ගමන් බලපත්‍ර නිකුත්කර ඇත්දැයි සෙවීමට විමර්ශනයක් ආරම්භ කළ බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම විමර්ශනය ක්‍රියාත්මක කරන බවය.
අයතා ක්‍රම මාර්ගයෙන් පසුගිය කාලයේ විවිධ පුද්ගලයින්ට නීත්‍යනුකූල නොවන ලෙස විදේශීය ගමන් බලපත්‍ර නිකුත් කර ඇති බවට ලැබුණු තොරතුරු මත පදනම්ව එම විමර්ශනය ක්‍රියාත්මක වී තිබේ.
විදෙස් ගතව සිටින කෙහෙල්බද්දර පත්මේ නැමති සංවිධානාත්මක අපරාධකරුට ව්‍යාජ ලෙස විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කර දීම එහි ආසන්තම සිද්ධියයි
ඒ සම්බන්ධයෙන් සැකපිට සහකාර ආගමන විගමන පාලක වරයෙකු ඇතුළු සැකකරුවන් තුන් දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.