පුවත්

හෝටලයක් තුළ පහර දී කතක් ඝාතනය කරලා!

Published

on

බණ්ඩාරවෙල ප්‍රදේශයේ හෝටලයක දී කාන්තාවක් පහර දී ඝාතනය කර තිබේ.

පහරදීමක් සහ වස වර්ගයක් පානය කිරීමක් සිදුව ඇති බවට නිරීක්ෂණය වී ඇති බව පොලීසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ, වයස අවුරුදු 40ක ඇටම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

වයස අවුරුදු 50ක් වන කැලණිය, ගෝනවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් ඊයේ (23) මෙම හෝටලයට පැමිණ අද උදෑසන මෙම කාන්තාව හෝටලයට ගෙන්වා ගෙන ඇත.

පසුව එම පුද්ගලයා හදිසියෙන් හෝටලයෙන් පිටව යාමත් සමග ඇතිවූ සැකය මත හෝටලයේ සේවකයන් ඔහු සිටි කාමරය පරීක්ෂා කර බැලීමේ දී එම කාන්තාවගේ සිරුර හමුව ඇත.

පොලීසිය විසින් සිදුකළ පරීක්ෂා කිරීමේ දී සැකකරු විසින් ලියන ලද බවට සැක කෙරෙන ලිපියක්ද එම කාමරයේ තිබී හමුව තිබේ.

පළා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා බණ්ඩාරවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

(අරුණ)

Trending

Exit mobile version