පුවත්

ළමා නිවාසයක දැරියන් දෙදෙනෙක් පැනලා ගිහින්

Published

on

මොණරාගල ළමා නිවාසයක දැරියන් දෙදෙනෙකු ළමා නිවාසයෙන් පැනගොස් ඇතැයි මොණරාගල පොලීසිය පවසයි.

මෙම දැරියන් දෙදෙනා අවුරුදු 14 සහ 15 යන වියෙහි පසුවන අතර මදුරුකැටිය මහා විද්‍යාලයේ 09 වන වසරේ ඉගෙනුම ලබයි.

ඊයේ (19) ළමයින් දෙදෙනා පාසල් ගොස් ඇති අතර නැවත ආපසු පැමිණ නැතැයි පැමිණිල්ලේ සඳහන්ය.

ඇතිමලේවැව – වේරපිටිය පදිංචිව දැරියක් සහ දොඹගහවෙල ඉඳිගස්ඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියක් මෙසේ පැන ගිහින් ඇති බව සඳහන්ය.

Trending

Exit mobile version