පුවත්

ළමා සහ තරුණ ප්‍රජාවගේ මානසික සෞඛ්‍ය නැංවීමට ජාත්‍යන්තර සිංහ සමාජයෙන් සහාය

Published

on

මෙරට ළමා සහ තරුණ ප්‍රජාවගේ මානසික සෞඛ්‍ය නගා සිටුවීමට හා සමාජ සුභසාධනය සඳහා ජාත්‍යන්තර සිංහ සමාජයේ සහාය ලබාදෙන බව ජාත්‍යන්තර සිංහ සමාජයේ සභාපති සිංහ ෆැබ්රිුසියෝ ද ඔලිවෙයිරා( Fabrício Oliveira) මහතා ප්‍රකාශ කළ තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර සිංහ සමාජයේ නියෝජිතයන් අතර ජනාධිපති කාර්යාලයේ අද (26) පැවැති සාකච්ඡාවේ දී ෆැබ්රිතසියෝ ද ඔලිවෙයිරාමහතා මේ බව සඳහන් කලේය.

ජාත්‍යන්තර සිංහ සමාජය විසින් මේ වන විට ශ්‍රී ලංකාවේ සිදු කරමින් තිබෙන ආහාර සුරක්ෂිතතා වැඩසටහන්, විවිධ ආපදාවන්ට පත්වූවන් වෙනුවෙන් ක්‍රියත්මක සහන වැඩසටහන් සහ අධ්‍යාපනික ව්‍යාපෘති අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමටද සභාපතිවරයා මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ සහතික විය.

ජාත්‍යන්තර සිංහ සමාජය විසින් ශ්‍රී ලංකාව තුළ ආරම්භ කර ඇති නව ව්‍යාපෘති සහ එහි ක්‍රියාකාරිත්වය මෙහිදී අගය කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳ සිය ස්තූතියද පළ කර සිටියේය.

කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු,ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු සහ ජාත්‍යන්තර සිංහ සමාජයේ නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Trending

Exit mobile version