පුවත්

10-11 විද්‍යා ප්‍රශ්න පත්‍රය කලින් පිට වෙලා!

Published

on

බස්නාහිර පළාත් 10 සහ 11 ශ්‍රේණි සඳහා පැවැත්වෙන දෙවන වාර විභාගයේ අද (18) ලබා දීමට නියමිත විද්‍යා ප්‍රශ්න පත්‍රය කලින් පිටවීම හේතුවෙන් කොළඹ ප්‍රධාන පෙළේ පාසල් ඇතුළු පාසල් කිහිපයක එම ප්‍රශ්න පත්‍රය ලබා දීම අත්හිටුවීමට තීරණය කොට තිබේ.

දෙවන වාර විභාගයේ ප්‍රශ්නපත්‍ර කලාප අධ්‍යාපන කාර්යාලවලින් පාසල්වලට සකස් කොට ලබා දෙන අතර පාසල්වල විභාග අංශ හරහා එම ප්‍රශ්නපත්‍ර මුද්‍රණය කොට අදාළ දිනයට සිසුන්ට බෙදා දීමක් සිදු වේ.

මෙවර සාමාන්‍ය පෙළ සිසුන් හා 10 ශේ‍ර්ණි සිසුන් ඉලක්ක කර ගනිමින් සකස් කළ විද්‍යා ප්‍රශ්න පත්‍රය ඊයේ (නොවැ. 17) වන විටත් පිටවී ඇති බවට රාවයක් යමත් සමග පාසල් විදුහල්පතිවරුන් මෙම ප්‍රශ්න පත්‍රය අත්හිටුවීමට කටයුතු යොදා ඇති බව පැවසේ.

මේ ම්බන්ධයෙන් අදහස් දක්වමින් බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් කියා සිටියේ වහා ම මීට අදාළ පරීක්ෂණයක් ආරම්භ කිරීමට තමා නියෝග කළ බව යි.

මූලාශ්‍රය මව්බිම

Trending

Exit mobile version