ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ 87 වැනි සංවත්සරය වෙනුවෙන් ලබන ජූලි 03 දිනයේදී වයස 12 න් පහළ දරුවන්ට දෙහිවල සත්වෝද්‍යානය නොමිලයේ නැරඹීමේ අවස්ථාව දෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
මෙම සංවත්සරය වෙනුවෙන් ජූලි 03 සිට ඇරඹෙන සතිය තුළ විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවත් එම වැඩසටහන් අතරට දරුවන්ට විශේෂ වැඩසටහන් රැසක් ද ඇතුළත් බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.