පුවත්

15 වසරකට පසු ජපන් ආණ්ඩුව මැතිවරණයෙන් පරදියි; පාර්ලිමේන්තුව අස්ථාවරවන ලකුණු 

Published

on

දශක ගණ­නා­වක් පුරා ජපා­නයේ රාජ්‍ය බලය රඳ­වා­ගෙන සිටි ලිබ­රල් ඩිමො­ක්‍ර­ටික් පාලක පක්ෂය පසු­ගි­යදා පැවැති මැති­ව­ර­ණ­යෙන් පරා­ජ­යට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

ඒ අනුව වසර 15කට පසු ලිබ­රල් ඩිමො­ක්‍ර­ටික් පාලක පක්ෂ­යට ජපාන පාර්ලි­මේ­න්තුවේ බහු­ත­රය අහිමි වී ඇතැයි වාර්තා වේ. 

එම පක්ෂයේ නාය­ක­ත්ව­යට පත්වී­මෙන් අග­මැ­ති ­ධු­රය හිමි වූ ෂිගේරු ඉෂිබා සිය ජන­ප්‍රි­ය­ත්වය උරගා බැලීම සඳහා මැති­ව­ර­ණය කඩි­නම් කළ අතර, ලැබූ පරා­ජ­යෙන් පසු එරට පාර්ලි­මේ­න්තුව අස්ථා­වර වීමේ අව­දා­න­මක් ද මතුවී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

ජපාන පාර්ලි­මේ­න්තුව ආසන 465කින් සම­න්විත වන අතර, බහු­ත­රය ලබා­ගැ­නී­මට නම් ආසන 233ක් ජය­ගත යුතු වූ බව වාර්තා වේ. 

එහෙත් කොමිටෝ සුළු­තර පක්ෂ­යක් සමඟ සන්ධා­න­ගත වී මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වූ පාලක පක්ෂ­යට ලැබී ඇත්තේ ආසන 215ක් බව විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. 

එරට ප්‍රධාන විප­ක්ෂය වන ව්‍යව­ස්ථා­දා­යක ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පක්ෂ­යට ආසන 148ක් ලැබී ඇතැයි ද වාර්තා වේ. 

මැති­ව­ර­ණ­යෙන් පාලක පක්ෂය පරා­ජ­යට පත්වූ­වද තව­දු­ර­ටත් අග­මැ­ති ­ධු­රයේ කට­යුතු කරන බව ෂිගේරු ඉෂිබා ඊයේ ප්‍රකාශ කර තිබේ.

Trending

Exit mobile version